විජය ජාතික පාසල

මාතලේ

විජය ජාතික පාසල

WhatsApp Image 2024-03-22 at 14.43.05 1.jpeg
417450881_1540046136781300_6376283153775927311_n.jpg
347585744_674352551398922_4940171366170751623_n.jpg
ආදර්ශමත්  විජයාභිනන්දන 137 සැමරුම

ආදර්ශමත්  විජයාභිනන්දන 137 සැමරුම

විජයාභිනන්දන  නමින් නම් කොට 137 වසර සැමරීමේ  මහා පුණ්‍යෝත්සවය මාතලේ විජය විද්‍යාලය විසින් අවසන් කළේ අභිමානවත් ලෙස.

බෞද්ධ පාසලක පරමාදර්ශී කෘතවේදීත්වය පළ කරමින්  සර් හෙන්රි ස්ටීල් ඕල්කොට් පාසලට ඉඩම් දන්  දුන් සේදියස්ද  සිල්වා ,ගුණසේන ශාලාව හදා විද්‍යාලය ට දන් දුන් එදිරිවීර ගුණසේන වැනි දානපතියන් සියළු මියගිය විදුහල්පතිවරු ,ගුරුවරු ආදි ශිෂ්‍යය  ශිෂ්‍යාවන් සිහිකොට පැන්වඩා පින් අනුමෝදන් කරනු දුටුවා.
ඉතාම සැලසුම් සහගත දින දෙකක වැඩ සටහන් පෙළ ව්ධිමත් ලෙස පෙළ ගස්වා ක්‍රියාත්මක කිරීමට වත්මන් විදුහල්පති රජිත තීක්ෂන මහතා ගත් නායකත්වය  ඔහුගේ මනා කළමනාකාරිත්වය  පිළිඹිබු කිරීමක්.
ඊට නීයෝජ්‍ය විදුහල්පතිවරු සහකාර  විදුහපතිවරු ආචාර්ය  මණ්ඩලය මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම දෙමාපියන්ගේ සහය නොමදව ලැබී තිබෙනු දුටුවා.
විජය විද්‍යාලයීය  ආදි ශිෂ්‍යය  සංගමයේ සියළු නිලධාරින් එකා සේ කැපවෙමින් විදුහල වෙනුවෙන් තම යුතුකම් නොඅඩුව ඉටු කිරීම වත්මන් පාසල් සිසුන්ටත් ලබා දුන්නේ හොඳ ආදර්ශයක්.
මාතලේ මහ නගර සභාව,ශ්‍රී ලංකා පොලීසිය යුද්ධ හමුදාව, මාතෙලේ දිසාපතිතුමිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් තුමිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,කලාප අධ්‍යාපන  අධ්‍යක්ෂ  තුමිය ප්‍රමුඛ කලාප අධ්‍යාපන  කාර්යලය මෙම වර්ණවත්  උත්සවය සමග අත්වැල් බැඳගෙන තිබීම මාතලේට ම ආදර්ශයක්.
මාතලේ බෞද්ධ වැඩක් නම් ,බෞද්ධ මන්දිරය මුල් කොටගත් ශ්‍රී පුණ්‍යවර්ධන  සමිතිය ඊට නොමසුරුව ලබා දෙන සහය මිල කළ නොහැකියි.සභාපති ඉසුරු ජයවර්ධන මහතා ප්‍රමුඛ පාළක මණ්ඩලයට එහි ගෞරවය හිමිවිය යුතුයි.
ලොව සුපතල කීර්තිමත්  ආදිශිෂ්‍ය  සියම් මහා නිකායේ මල්වතු පාර්ශවීය අනුනායක ධූරන්ධර  නියංගොඩ විජිතසිරි හිමිපාණන්  මුල් අසුනෙහි තබාගෙන සියළු ආගමික වතාවත් සිදුකිරීමට ලැබීමත් ,මාතෙලේ දිසාවේ මල්වතු පාර්ශවීය ප්‍රධාන සංඝනායක මහළකොටුවේ විමලධම්මාභිධාන මහා නායක හාමුදුරුවෝ  මෙන්ම මාතලේ දිසාවේ අස්ගිරි පාර්ශ්වීය ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සීලරතනාභිධාන මහා නායක හිමියන්  137 ක් වු සංඝයාවහසේලා  අතර සිටීම විශාල සතුටක්.
විජය විද්‍යාලයීය මාධ්‍ය කවය වගේම බෞද්ධයා නාලිකාව එහි වැඩ සටහන් අධ්‍යක්ෂ  කළ්‍යාණ අලවත්තේගම  සොයුරා ඇතුළු  කණ්ඩායම  මෙම මහඟු  පින්කම සමාජ ගත කිරීමට කළ කැප කිරීමට ඉහළ වටිනා කමක් හිමිවෙනවා.
විජය විද්‍යාලයේ ඉගෙන එහි ප්‍රාථමික අංශයට වසර කීපයක් නායකත්වය දීමට හැකිවූ මට මේ හැම දෙයක් සම්බන්ධව දැනුනේ නිරාමිස  සතුටක්.
මෙහි මම නම් කළත් නැතැත්  වචනයකින් හෝ අපේ විද්‍යාලයේ පුණ්‍යවන්ත කටයුත්තට දායක වූ ,දිරි දුන් ලොකු කුඩා සියළු දෙනාටම  විජය පාසල් ප්‍රජාවේ  ගෞරවණීය ස්තූතිය හිමි විය යුතුය.
අවසන් වශයෙන් අපේ පාසලේ ආදර්ශ පාඨය ඔබ හැමට සිහිපත් කරමි.
'අප්පමත්තා නමීයන්ති'

 

Latest News

පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති

පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති

ආදර්ශමත්  විජයාභිනන්දන 137 සැමරුම

විජයාභිනන්දන  නමින් නම් කොට 137 වසර සැමරීමේ  මහා පුණ්‍යෝත්සවය මාතලේ විජය විද්‍යාලය විසින් අවසන් කළේ අභිමානවත් ලෙස.

මහා පිරිත් දේශනාව

🏑 Vijaya College - Matale Hockey Team: Ready to Conquerමාතලේ විජය විද්‍යාලයේ 137 වන සංවත්සරය වෙනුවෙන් 
2023 අගෝස්තු මස 31 වන දින පවත්වනු ලබන