සැරදේ විදුහල් මාතා
විජ අපසැම ගුනෙනි සදා
ඔබ කිත් සිරියෙන් පහදා
වැජබේ ලක සැම කල්හී
සිරිලක සිරිමත් බුදු සමයේ
දිව්නට නන්වන රන් දද සේ
සැම කල බැතියෙන් නුබෙගුන ගායන
කරනෙමු විදුහල් මෑනියනේ
අප සිප් සතරෙහි ලෝලා
සිසු කැල සොහොයුරු පෙමිනා
ඔබගේ අනු සාරයෙනී
වැජබේ විදුහල් මෑනී
සිරිලක සිරිමත් බුදු සමයේ
දිව්නට නන්වන රන් දද සේ
සැම කල බැතියෙන් නුබෙගුන ගායන
කරනෙමු විදුහල් මෑනියනේ
අප හට සැම සෙත සැලසූ
අප දිව්නෙහි මග පෙන් වූ
ඔබගේ තුම් පද කමලා
වදිමූ විදුහල් මාතා







