විදුහල්පති පණිවිඩය
ඒ.එච්.ඩබ්.ආර්.තීක්ෂණ.
ජාතියක ශ්‍රේෂ්ඨත්වය නගා සිටුවීමට අධ්‍යාපනයේ පරමාර්ථයයි. එම පරමාර්ථය පෙරදැරිව දරුවා තුළ නිශ්සරණාධ්‍යාසයෙන් පවතින්නා වූ ඉගෙනීමට ඇති ආශාව පුබුදුවා ලීමත් , නිරවද්‍ය මාර්ගෝපදේශකත්වයෙන් යුතුව අධ්‍යාපන අවස්ථා සදහා යොමු කිරීම වැදගත් වේ. සීඝ්‍රයෙන් වෙනස් වන සමාජයකට පහසුවෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතුව අනුගත විය හැකි පරිදී දරුවන් ළමාවියේ සිටම හැඩගැස්වීමට අධ්‍යාපනයයෙන් ඉටු විය යුතු මූලික කාර්යයක් බව මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත් අප විද්‍යාලය පළමු ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන් සදහා ඒ ඒ ශ්‍රේණිවල දී අනපේක්ෂිත සාධන මට්ටම් කරා සිදු ළගා කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කෙරේ
ඒ.එච්.ඩබ්.ආර්.තීක්ෂණ.
විදුහල්පති
විජය ජාතික පාසල මාතලේ..







